
ඉරානයේ රජයට සහාය පළ කරමින් දස දහස් ගණනක් ජනතාව ටෙහෙරානයේ පැවති දැවැන්ත රැලියකට එක්ව සිටියා.
රැලියේදී ඉරාන ජාතික ධජ රැගත් ජනතාව සිය අත් මිට මොළවා විරෝධතා පාඨ ප්‍රකාශ කළ අතර, ඩ්‍රෝන යානා සහ අවි ආයුධද ප්‍රදර්ශනය කිරීමද විශේෂත්වයක්.
මේ අතර, සිකුරාදා යාච්ඤාව අතරතුර යාච්ඤා ප්‍රධානි මොහොමඩ් සයීදී, රාත්‍රී කාලයේ පැවැත්වෙන රජයට සහාය දක්වන රැස්වීම්වලදී පළ කෙරෙන පළිගැනීමේ ඉල්ලීම්වලට සහාය පළ කළා.
ඉරාන නායකත්වයට සහාය දක්වන ජනතාව දින 200කට වැඩි කාලයක් පුරා වීදිවල රැඳී සිටින බව සයීදී ප්‍රකාශ කළා.
“අපරාධකාරී සතුරාට එරෙහිව පළිගැනීමක් ඉල්ලා ඔවුන් ඉරාන ඉස්ලාමීය ජනරජයේ ධජ රැගෙන, අත් මිට මොළවා සිටිනවා,” යනුවෙන් ඔහු සිය දේශනාවේදී පැවසුවා.
ලෝක බලවතුන්ගේ විරෝධතා මධ්‍යයේ වුවද, “ඉස්ලාමීය පෙරමුණ” තවදුරටත් ශක්තිමත් වෙමින් “අවසාන ජයග්‍රහණය” දක්වා ඉදිරියට යන බවද ඔහු සඳහන් කළා.
“ඉස්ලාමීය ජනරජයට එරෙහිව ආක්‍රමණයක් සිදු කිරීමට කල්පනා කරන ඕනෑම අයෙකු දැඩි ප්‍රතිචාරයකට මුහුණදීමට සූදානම් විය යුතුයි,” යනුවෙන් සයීදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.