
කොක්ගල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ළමුන් දස දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද (25) දහවල් හබරාදුව පොලිස් වසමට අයත් කොක්ගල ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ ළමුන් කරාපිටිය සහ උණවටුන රෝහල් වෙත ඇතුළත් කර ප්රතිකාර ලබන බව වාර්තා වේ.
තුවාල ලැබූ ළමුන් අවුරුදු 14ත් 15ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.
කොට්ටාව ප්රදේශයේ සිට උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ කොක්ගල පිහිටි මාටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු සහ ළමුන් 41 දෙනෙකු පමණ සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ 40 හැවිරිදි රියැදුරු සහ 21 හැවිරිදි කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.