
මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම
සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම
විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට
එරෙහි නඩුවක් නොවැම්බර් 10 යළි කැඳවිමට කොළඹ ප්‍රධාන
මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම
වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු
දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින්
විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ සැකකරුට එරෙහිව
මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.
සිද්ධියට අදාල සැකකරු මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා.
නොවැම්බර් 10 නඩුව යළි කැඳවිමට නියමිතයි
රුපියල් ලක්ෂ 573 ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස්
පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා
විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරන
ලද විමර්ශනයකට අදාළව, ක්‍රීඩා අමාත්‍යංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය
සහ පශු සම්පත් අමාත්‍යංශය යන අමාත්‍යංශයන්ගේ අමාත්‍යවරයා
වශයෙන් කටයුතු කරන ලද රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර
රත්නායකහට චෝදනා ගොනුකර තිබෙනවා.