
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ එංගලන්ත කණෟඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර සුපිරි 8 දෙනාගේ වටයේ පැවති තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තා.
තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යමින් තරගයේ ජය අත්කර ගැනීමට සමත් වුණා.
එංගලන්ත කණ්ඩායමේ නායක Harry Brook ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.