
මධ්‍යම තැපැල් හුවමාරුමෙන් පාර්සලයක් නිදහස් කරදීම සඳහා රුපියල්
ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ලබා ගත් බව
කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තැපැල් හුවමාරුවේ
ස්ථානාධිපතිවරයා සහ තැපැල් සහායකවරයා ඇප මත මුදා හරින ලෙස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළා .
එක් සැකකරුවකු ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට
නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් ද තහනම්
කරනු ලැබුවා.
මෙම සැකකරුවන් දෙදෙනාට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇතුළු
වීමද තහනම් කළා.
සිද්ධියට අදාලව සැකකරුවන් දෙදෙනා බන්ධනාගාරය විසින් අධිකරණයට
ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධියට අදාල දෙවන සැකකරු වන මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු
නිලධාරියා පෙර නඩු දිනයේදී ඇප මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා
එහිදි නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරුවන්
අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව
මෙලෙස නියෝග කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ නිලධාරීන්
සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව එම කාර්යාලයේ තවත් කීපදෙනෙකුගෙන්
ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවත් මෙම සැකකරුවන්ගේ ජංගම දුරකථන
රස පරීක්ෂක වෙත යැවීමට තිබෙන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත
බන්ධනාගාරගත කරන ලෙසයි.
සිද්ධියට අදාළව වීඩියෝ පටයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය අධිකරණයේදී
නිරීක්ෂණය කරනු ලැබුවා.
තවද මෙම සිද්ධියට අදාළ පැමිණිලි කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට
ඉදිරිපත් කරන ලෙසද සුරාවට දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින
නිලධාරියාට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළා.
සිද්ධිය අදාල නඩුව ලබන 15 යළි කැඳවිමට නියමිතයි.