
අල්ලස් නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට එරෙහි පවරා ඇති නඩුව ඔක්තෝබර් 27 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(21) නියෝග කළා. සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා. එදිනට සිද්ධියට අදාල නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියා. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට ස්නායු ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන්, දූෂණය නම් වරද සිදු කරන ලදැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරියගේ දියණිය වන හේමාලී විජේරත්න එරෙහිව එලෙස නඩුව පවරා තිබෙනවා. පෙර නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකාරිය අදාල චෝදනාවන්ට නිවැරදිකාරී බව පවසා තිබුණා.