පසුගිය අගොස්තු 22 වනදා බොරැල්ල පොලිස් වසමේ කාදර්මානවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (17) මොහු කටුනායක ගුවන්තොටුපලෙන් විදේශ ගත වීම සඳහා පැමිණි අවස්ථාවේදී එහි ස්ථාපිත කර ඇති මුහුණ හඳුනා ගැනීමේ දත්ත පද්ධතිය මඟින් හඳුනා ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මොහු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී සංචාරක විසා මඟින් ඩුබායි රාජ්‍ය වෙතයැම සඳහා පැමිණ ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරු වයස අවුරුදු 25 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදි ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.