
එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් ( Richard William Thompson ) මහතා සති 02ක නිල සංචාරයක් සඳහා අද (24) දිවයිනට පැමිණ තිබේ.
ඔහු අද උදෑසන 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සභාපතිවරයා පිළිගැනීම සිදු කෙරුණි.