
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 219ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40ක්, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 26 බැගින් රැස්කරගත්තාය.
චරිත් අසලංක ලකුණු 45කට දැවී ගිය අතර පවන් රත්නායක ලකුණු 29ක් රැස්කළේය.