
එංගලන්තයට එරෙහිව අද (22) ආරම්භ වූ පළමු එක්දින ක්රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක් හිමිවිය.
ඉනිම අවසන්වන විටත් කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් පන්දු 117කින් ලකුණු 93ක් රැස්කරගෙන සිටියේය.