
පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් පස්දෙනෙකු කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (19) කිලිනොච්චිය පොලිස් වසමේ පරන්තන් මාර්ග බාධකයේදී වව්නියාවේ සිට යාපනය බලා ධාවනය වූ වැලි ප්‍රවාහන ටිපර් රථවල බලපත්‍ර පරීක්ෂා කිරීමට පොලිසිය ක්‍රියා කරනු ලැබීය.
එහිදි භූ විද්‍යා හා පතල් කාර්යාංශය මඟින් නිකුත් කරනු ලබන වැලි ප්‍රවාහන බලපත්‍රයේ පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කළ යුතු තීරුවේ අත්සන යෙදීමෙන් වැළකී සිටීම සඳහා අදාළ පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ බව පොලිසිය පැවසීය.
ඒ අනුව, සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 28, 29, 40 සහ 49 යන වයස්වල පසුවන වව්නියාව, රාමනාදපුරම්, ධර්මපුරම්, ආනන්දපුරම් සහ පුලෝලී යන ප්‍ර පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,මෙම 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.