
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (12) පැවැත්වෙන නැමීබියා - ඉන්දියා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 209ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී යාමෙන්.
අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නැමීබියාව පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.
එහිදී ඉෂාන් කිෂාන් ලකුණු 61ක්ද, හාර්දික් පාණ්ඩ්යා ලකුණු 52ක්ද ඉන්දියාව වෙනුවෙන් රැස් කළා.
පන්දු යැවීමේදී නැමීබියාව වෙනුවෙන් ගෙරාර්ඩ් ඉරැස්මස් කඩුළු 04ක්ද, බෙන් ෂිකොන්ගෝ, ජේජේ ස්මිත්, බර්නාඩ් ෂෝල්ට්ස් එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.