
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිංගේ පියා වන ඛාන්චන්ද් සිං අද (27) අලුයම මියගොස් තිබෙනවා.
4 වන අදියරයේ අක්මා පිළිකාවක් සමඟ පොර බදමින් සිටි රින්කු සිංගේ පියා ග්‍රේටර් නොයිඩා හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පියාගේ අසනීප තත්ත්වය නරක අතට හැරීම හේතුවෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ රින්කු සිං දින කිහිපයකට පෙර පියාව බැලීමට ගොස් තිබෙනවා.
ඊයේ පැවති සිම්බාබ්වේ තරඟය සඳහා නියමිත වේලාවට රින්කු නැවත පැමිණි නමුත් සංජු සැම්සන් ඔහු වෙනුවට ආදේශ කළ බැවින්, එම තරගයට ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමි වූයේ නැහැ.
රින්කුගේ පියාවන ඛාන්චන්ද් සිං අලිගාර්හි LPG සිලින්ඩර බෙදාහරින්නෙකු ලෙස සේවය කළ අතර, ඔහුගේ මූල්‍ය සීමාවන් නොතකා, රිංකුට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගොඩනැගීමට සියලු දේ කැප කරමින් කටයුතු කළ අයෙක්.