
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මෑතකදී අත්අඩංගුවට ගත් ඇමෙරිකානු ස්වයංක්‍රීය දිය යට ඩ්‍රෝනයක් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු ආරම්භ කරන බව එම බලකාය පවසනවා.
IRGC ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් හොසේන් මොහෙබ්බි සඳහන් කළේ, ඉරාන නාවික හමුදා බලකාය විසින් අත්පත් කරගත් හමුදා උපකරණ අතර මෙම දිය යට යානය ද ඇතුළත් වන බවයි.
රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ දිය යට යානය තුළ ඉතා දියුණු තාක්ෂණයක් අන්තර්ගත වන බැවින් එහි තාක්ෂණය අධ්‍යයනය කර ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.
“IRGC නාවික හමුදා බලකාය අතට පත්වූ මෙම දිය යට යානය තුළ දියුණු තාක්ෂණයක් පවතින අතර, එහි ප්රතිනිර්මාණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි,” යනුවෙන් මොහෙබ්බි පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඇමෙරිකානු හමුදා සහ ආරක්ෂක කර්මාන්ත සඳහා භාවිත කළ ඉතා දියුණු තාක්ෂණයන් කිහිපයක්ම පසුගිය යුද්ධයේදී ඉරානයේ පාලනයට පත්වූ බවයි.
අදාළ යානය Dive-LD ලෙස හඳුන්වන ස්වයංක්‍රීය දිය යට යානයක් (Autonomous Underwater Vehicle – AUV) වන අතර, එය දිගු දුර නිරීක්ෂණ ඇතුළු දිය යට මෙහෙයුම් සඳහා නිර්මාණය කර තිබේ.
මෙවැනි නව පරම්පරාවේ හමුදා ඩ්‍රෝන, මිනිස් මැදිහත්වීම අවම කරමින් දින කිහිපයක් පුරා ස්වාධීනව මෙහෙයුම් සිදුකිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇත.