
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායක ධනංජය ද සිල්වා වහාම ක්රියාත්මක වන පරිදි සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ධනංජය ද සිල්වා සඳහන් කර ඇත්තේ, "ඊළඟ පරම්පරාවට නායකත්වය හිමිවිය යුතු බව මාගේ සැබෑ මතයයි" යනුවෙනි.
කෙසේ වෙතත්, ක්රීඩකයෙකු ලෙස ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තමන් තවදුරටත් සූදානමින් සිටින බව ඔහු තහවුරු කළේය.
"ඔහුගේ ඉදිරි ක්රිකට් ජීවිතයට ශ්රී ලංකා ක්රිකට් ආයතනය සුභ පැතුම් එක් කරන අතරම, අපගේ ටෙස්ට් කණ්ඩායමට ඔහු ලබා දුන් නායකත්වය වෙනුවෙන් ස්තූතිය පුද කර සිටිනවා," යැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ඇ슐ී ද සිල්වා පැවසීය