
ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම පරදා ඉන්දියාව ලකුණු 124 ක දැවැන්ත ජයක් හිමිකර ගත්තා.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 169 ක් රැස් කළා.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ ඉෂාන් කිෂාන් පන්දු 46 කදී නොදැවී ලකුණු 80 ක් ලබා ගත් අතර, වෛභව් සූර්යවංශි ලකුණු 38 ක් රැස් කළා.
පන්දු යැවීමේදී ශ්රී ලංකාව වෙනුවෙන් තරිඳු රත්නායක සහ සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 9.5 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 45 ක් පමණයි.