
මුහුදු මාර්ගයෙන් ශ්‍රි ලංකවට රැගෙන ඒමට සූදානම් කොට තිබූ
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා
හා මුහුදු කූඩැල්ලන් තොගයක් ඉන්දියාවේ දේවිපට්ටනම් ප්‍රදේශයේදී
ඉන්දීය පොලිසියෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරෙදා (14) සිදු කරන ලද මෙම වැටලීමේදි සැකකරුවන් දෙදෙනෙක්ද
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තොරතුරක් මත දේවිපට්ටනම් ප්‍රදේශය පරීක්ෂාවට ලක් කිරීමේදී
මුහුදු වෙරළේ ගල් පර අතර සගවා තිබියදී මෙම ද්‍රව්‍ය අත්අඩංගුවට
ගැනිමට හැකි වූ බව සඳහන්. .
අත් අඩංගුවට පත් වූ දෙදෙනාගෙන් එක් අයෙකු ඉන්දීය ධීවරයෙකු වන
අතර අනෙක් තැනැත්තා මන්නාරමේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවට හදුණාගෙන
තිබෙනවා.
අත් අඩංගුවට පත් ද්‍රව්‍ය වල බර කිලෝ ග්‍රෑම් 550 ක් වන අතර සැකකරුවන්
දෙදෙනා සමග එම ද්‍රව්‍ය රාමනාදන්පුරම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට
දේවිපට්ටනම් පොලීසිය පියවර ගෙන තිබෙන බව සඳහන්.