
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී අදාළ ධීවර යාත්‍රාව සමඟ එහි සිටි සැකකරුවන් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව වාර්තා වේ.
අදාළ උර තුළ අඩංගු ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඉදිරි පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
(මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න)