
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට ලබන 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ලබන 04 වැනිදා පෙරවරු 9ට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ඔහුට අදාළව කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට කැඳවීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.