ගත වූ සති දෙකක කාලයක් තුල දි උතුරු නැගෙනහිර මුහුදු
ප්රදේශවල ශ්රී ලංකා නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදි නීති
විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 28 දෙනෙකු අත්අඩංගුවට
ගෙන තිබෙනවා.
ත්රිකුණාමලය මාවඩි ඕඩි, කදිරවේලි, නයාරු, බ්ලැක් පොයින්ට්,
යාපනය වෙත්තලකේණි සහ කඩ්ඩයිකාඩු වෙරළ හා මුහුදු ප්රදේශ
ආවරණය කරමින් මෙම මෙහෙයුම් ක්රියාත්මක කරනු ලැබුවා.
මෙම මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර කටයුතුවලට යොදාගත්
ඩිංගි යාත්රා 12ක්, ට්රැක්ටර් රථ 4ක්, වෑන් රථයක් සහ තහනම්
ධීවර ආම්පන්න රැසක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්රා, වාහන සහ තහනම්
ධීවර ආම්පන්න වැඩිදුර නීතිමය කටයුතු සඳහා මුලතිව්, යාපනය,
කොඩ්බේ සහ වාලච්චේනයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු
කාර්යාල වෙතත්, මරදන්කේනි පොලිස් ස්ථානය වෙතත් භාරදීමට
කටයුතු කළ බව නාවික හමුදාව පවසනවා.
