
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවෙකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 80 ක් විදේශගත කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාලව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (10) නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරයකු වන මොහොමඩ් මුසම්මිල් මොහොමඩ් ඉන් ශාන් යන නමැත්තාය.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පවසා සිටියේ ජෙෆ්රි මොහොමඩ් විසින් පවත්වාගෙන යන මෙම ජාවාරම මෙම සැකකරු විසින් මුළුමනින්ම පාලනය කරමින් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි.
මෙම සැකකරුට පමණක් සමාගම් 26ක් ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.
තවද මෙම සැකකරුවන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට තිබෙන බැවින් ඇප ලබා නොදෙන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙම සිද්ධියට අදාළව ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක නිලධාරීන්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ සෙලාන් බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ කළමනාකාර ශිරාන් මරියෝ පෙරේරා, සම්පත් බැංකුවේ උමේෂ් රන්දික ප්‍රනාන්දු, යූනියන් බැංකුවේ ධර්ම ලිංගම් ප්‍රනාන්දු ,හා නේෂන් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළා.
මෙම නඩුවේ ප්‍රධාන සැකකාර ජෙෆ්රි මොහොමඩ් නමැති අය විසින් පුද්ගලයින් අට දෙනෙකුගේ නම් භාවිතා කර ස්ථාපිත කළ ව්‍යාජ සමාගම් 36 හරහා අවස්ථා 199කදී (ටෙලි ග්‍රැෆික් ට්‍රාන්සර්) ඇමරිකන් ඩොලර් බිලියන එකකට අධික මුදලක් විදේශගත කර බැංකුවට හා රජයට පාඩු කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළා.