
රැඳවුම් භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ශිරාන් බාසික් නමැත්තාගේ සමීපතමයෙකු වන රණතුංග ආරච්චිගේ නලින් අර්ජුන නමැත්තා නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ රුපියල් කෝටි 10 ක් වටිනා දේපළ හා වත්කම් අත්හිටුවීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබෙනවා.
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි දින 14 ක කාලයකට මෙලෙස අදාළ දේපළ තහනම් කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
කඩවත ප්‍රදේශයේ පිහිටි පර්චස් 19.90 ක ඉඩම සහ එහි ඉදිකර ඇති දෙමහල් නිවස මෙන්ම, කැලණිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 18 ක ඉඩම සහ එහි ඉදිකර ඇති දෙමහල් නිවස මෙලෙස අත්හිටුවීමට ලක්ව තිබෙනවා.
මෙම දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත කරුණු වාර්තා කර, තහනම් කිරීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.