
මහවැලි ගංගාවේ ඉහල ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුල ලැබුනු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතී.
එම ප්‍රදේශවල වෙසෙන ජනතාවයෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් මේ පිලිබද දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.
එසේම එම ප්‍රදේශවල මහවැලි සඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි වීම සිල්ලෙන් පසුවන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමෙන්තුව ඉල්ලා සිට්නවා.
අද (20) දහවල් 12.30 ට ගංගා වල ජල මට්ටම පිලිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව
මේ අතර ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශ වලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇත.
එම වර්ෂා තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 ක කාලය තුළ තවලම්, නාගොඩ, බද්දේගම, වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනු ලබනවා.
එමෙන්ම කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහල ධාරා ප්‍රදේශ වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතී.
එම වර්ෂා තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 24 ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් කුඩා ගඟ හා මගුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යට වීමේ දැඩි අවදානමක් පවතී.
පවතින මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලටද දැනුම් දෙනවා.