
ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 88.55 ප්රබල දුරක් වාර්තා කරමින් ඊයේ (28) ප්රථම ස්ථානය හිමිකර ගත් ශ්රී ලංකාවේ රුමේෂ් තරංග ඔහුට හිමි රන් පදක්කම අද (29) හිමිකර ගත්තා.
ආසියාවේ ප්රබල මලල ක්රීඩක ක්රීඩිකාවන් තරග වැදුණු මෙම තරගාවලියේදී රුමේෂ් තරංග, සිය අතිවිශිෂ්ට දක්ෂතාවය පෙන්නුම් කරමින්ජ යග්රහණය තමන් සතුකර ගැනීමට සමත්වුණා.
එහිදී දෙවැනි ස්ථානය ඉන්දියාවේ Singh Yashvir හිමිකර ගත් අතර ඔහු දැක් වූ දක්ෂතාවය මීටර් 85.72ක්.
තෙවැනි ස්ථානය ඉන්දියාවේ Rohit Yadav හිමිකර ගත් අතර ඔහු දැක් වූ දක්ෂතාවය මීටර් 84.35ක්.