
ලෝක කුසලාන T-20 තරගාවලියේ අද (12) පැවැත්වෙන ශ්රී ලංකා ඕමාන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 225 රැස්කර ගැනීමට සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
පවන් රත්නායක පන්දු 28ක් තුල ලකුණු 60ක් රැස්කර ගත්තා.
කුසල් මෙන්ඩිස් කලකුඹු 61ක් සහ දසුන් ශානක ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් වුනා.
ඒ අනුව ඕමානයට ජයග්රහණය සඳහා ලකුණු 226ක ඉලක්කයක් හිමි වනවා.