
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්ථාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය සඳහා වන ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
මෙම සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ ප්රධාන දඟපන්දු යවන ක්රීඩක වනිඳු හසරංග වෙනුවට නැගී එන යොවුන් ක්රීඩක සිනෙත් ජයවර්ධන සහ දඟපන්දු යවන ක්රීඩක විජයකාන්තන් වියස්කාන්ත් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.