
2027 අයවැය මගින් ගුරු - විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැරීමට විරෝධය පළ කරමින් ලබන 30 වනදා එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, 2027 අයවැය මගින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ සේවකයින්ගේ ගැටලු නොසලකා හැර ඇති බවය.
මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති නමුත් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව, නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා දිවයින පුරා ගුරුවරුන් 250,000කට ආසන්න පිරිසක් සහ පාසල් 10,110ක ගුරු - විදුහල්පතිවරුන් එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවය.
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඒ මහතා අවධාරණය කළේය.