හිටපු කතානායකවරයකුගේ මාසික කෑම බිල (ඔහු එම ධූරයේ සිටියදී) රුපියල් ලක්ෂ තුනහමාරක් බව හෙළිවී ඇත.
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැවැත්වූ විගණනයේ සම්පූර්ණ වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා විසින් ඉකුත්දා බාර දෙනු ලැබීය.මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම අක්‍රමිකතා පිළිබඳව එමගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම වාර්තාව ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ විගණනයක් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වැඩ බලන විගණකාධිපතිවරයාට මීට මාස කිහිපයකට ඉහතදී දැනුම් දුන්නේය . ඒ අනුව මෙම විගණන විමර්ශනය පවත්වා එහි වාර්තාව කතානායකවරයාට මෙසේ බාරදී ඇත.
මේ සම්බන්ධයෙන් අප වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මුළු පාර්ලිමේන්තුවම ආවරණය වන පරිදි මෙම විගණනය කළ බවයි.
විගණන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයා විසින් අදාළ අංශ වෙත යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිය අංශවලද උපදෙස් ගනු ඇතැයි සඳහන්වේ.
(උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය)