
ගෙවීම් ක්රමයක් යටතේ නිවාස ඉදිකර දෙන බවට පොරොන්දු වී පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන, එම නිවාස ඉදිකර නොදී මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි 245ක් ලැබී ඇති අතර, ඒ අනුව විමර්ශන ආරම්භ කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව, සිද්ධියට සම්බන්ධ බව කියන අදාළ පෞද්ගලික ආයතනයේ අධ්යක්ෂවරයකු පසුගිය ජූලි 28 වැනිදා අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඔහු සැප්තැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම ආයතනයේ ප්රධාන අලෙවි කළමනාකාරිනිය ලෙස සහ මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කළ බව කියන කාන්තාවන් දෙදෙනෙකුද මුදල් වංචාවට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 17 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත සැකකාරියන් සතුව තිබූ මෝටර් රථ හතරක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 30 සහ 31 අතර පසුවන අතර, ඔවුන් කහවත්ත සහ කඩුවෙල ප්රදේශවල පදිංචිකාරිනියන් බව පොලිසිය සඳහන් කරයි.
සැකකාරියන් දෙදෙනා පසුගිය ඊයේ (18) නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2026 සැප්තැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.