
නින්දවූර් පොලිස් වසමට අයත් රෝහල් පාර මුහුදුබඩ ප්රදේශයේ මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
ඊයේ (20) සවස මෙම සිදුවීම වාර්තා වී ඇති අතර,මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16 සහ 23 වන නින්දවූර් ප්රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි
අනෙක් තරුණයා ප්රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බේරාගෙන ඇති අතර, ඔහු වැඩිදුර ප්රතිකාර සඳහා නින්දවූර් රෝහලට ඇතුළත් කර ඇත.
අතුරුදන් වූ තරුණයින් දෙදෙනා සොයා ශ්රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම්, ප්රදේශවාසීන් සහ නින්දවූර් පොලිසිය එක්ව කටයුතු කරමින් සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නින්දවූර් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.