
මිග්යානා ගෙන්වීමේ දී මූල්‍ය වංචා සිදු කළ බවට වන චෝදනාවලට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පවරා ඇති නඩුව ජනවාරි 6 වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරු අද අධිකරණයේ පෙනී සිටිමෙන් අනතුරුවයි මෙලෙස නියෝග කළේ.
මාගේ සේවාදායකයා ව්‍යාපාර සිදුකරන තැනැත්තෙක් බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඔහුට විදේශ ගත වීමට අවශ්‍ය නිසා පනවා ඇති තාවකාලික විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉදිරි නඩු දිනය දක්වා තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණයේ නියම කළා.
මෙම නඩුව නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියා.