
කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කළු ගඟෙහි කුඩා කඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවය.
මේ හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 දක්වා කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මේ අනුව කුඩා ගඟ හා මගුර ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක්ද පවතින බව එම දෙපාර්තමේන්තුව දැනුම්ද දී ඇත.
එමෙන්ම එම ප්‍රදේශවල පදිංචි ජනතාවද එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.