
සිම්බාබ්වේ පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (23) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 107ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් සමත් විය.
මුම්බායි හිදී පැවති මෙම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 254ක ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ පන්දුවාර 17යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණි.
කොදෙව්වන් රැස්කළ මෙම 254ක ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ 20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.
එහි වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාව 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව ලකුණු 260ක් රැස්කර තිබේ.