
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 14 දෙනෙකු මිය ගොස් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවට ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් මියගිය පිරිසට කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ද ඇතුළත් බව සඳහන්.
සටන් විරාමයකට එළඹ තිබුණ ද ගැටුම් සම්පූර්ණයෙන් නතර වී නොමැති අතර, මීට පෙර පනවා තිබූ 'බෆර් කලාපයට' (Buffer Zone) ඔබ්බෙන් පිහිටි නගර හතක වැසියන්ට ද ඉන් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා තිබෙනවා.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු 'X' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම සටන් විරාමය උල්ලංඝනය කරන බවත්, ඒ සඳහා ඊශ්‍රායලය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
ඒ අනුව ලිටානි දෙසට උතුරින් පිහිටි නගරවල වැසියන්ට වහාම උතුරු සහ බටහිර දෙසට ඉවත් වන ලෙස දැනුම් දී ඇත.