
කොලොම්බියාවේ දකුණුදිග 'Cauca' කලාපයේ මහාමාර්ගයක (Pan-American Highway) ඊයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිපිරීමෙන් තුවාල ලැබූවන් අතරට කුඩා දරුවන් ඇතුළු තවත් 36 දෙනෙකු අයත් බව සඳහන්.
ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ (Gustavo Petro) මෙම ප්‍රහාරයේ වගකීම කොලොම්බියාවේ වඩාත්ම අවශ්‍ය කරන අපරාධකරුවෙකු වන අයිවන් මොර්ඩිස්කෝ (Ivan Mordisco) වෙත පවරා ඇත.
ජනාධිපතිවරයා ඔහුව පැබ්ලෝ එස්කොබාර්ට (Pablo Escobar) සමාන කර තිබේ.
පසුගිය දින දෙක තුළ මෙම කලාපවලින් ප්‍රහාර 26ක් වාර්තා වී ඇති අතර, සිකුරාදා දින හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
මැයි 31 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී 'ආරක්ෂාව' ප්‍රධාන මාතෘකාවක් වී ඇත. පසුගිය ජුනි මාසයේදී ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ ටර්බේ (Miguel Uribe Turbay) වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ දේශපාලන ප්රචණ්ඩත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු වී තිබේ.
දැනට ජනමත විමසුම්වලට අනුව වාමාංශික සෙනෙට් සභික අයිවන් සෙපෙඩා (Ivan Cepeda) පෙරමුණේ පසුවන අතර, දක්ෂිණාංශික අපේක්ෂකයින් වන අබෙලාඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා සහ පලෝමා වැලෙන්සියා කැරලිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වී ඇත.