
වොෂින්ටන් හි වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කරනවා.
ඒ අනුව, ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු ආරක්ෂක අංශ විසින් "අත්අඩංගුවට ගෙන ඇති" (Apprehended) බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
එම සටහන මගින් බාධාවකින් තොරව උත්සවයේ කටයුතු ඉදිරියට කරගෙන යා යුතු බව පවසන ජනපතිවරයා "ප්‍රසංගය දිගටම කරගෙන යමු" (LET THE SHOW GO ON) යනුවෙන් සඳහන් කර තිබෙනවා.
උත්සවය පැවැත්වෙමින් තිබියදී "මහා හඬක්" ඇසීමත් සමඟ ජනාධිපතිවරයා සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ව රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් වහාම ආරක්ෂිත ස්ථානයක් කරා ඉවත් කරනු ලැබුවා.