
සිරියාවේ ඩෙයර් අල්-සෝර් – ඩැමස්කස් ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වු මාරක අනතුරකින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි තිබෙනවා. අද (25) සිදුවු මෙම අනතුරින් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, තුවාලකරුවන් ඉක්මනින් හෝම්ස් හමුදා රෝහල වෙත ගුවන් මඟින් රැගෙන යාම සඳහා හෙලිකොප්ටර් යානා කිහිපයක් යොදවා ඇති බවයි. එමෙන්ම, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ගිලන් රථ රැසක්ද අනතුර සිදුවු ස්ථානය වෙත යොමු කර තිබෙනවා. කිලෝමීටර් 400 කට වැඩි දුරක් විහිදෙන මෙම මාර්ගය නැගෙනහිර සිරියාව ඩැමස්කස් අගනුවර සමඟ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් වන අතර, වසර 14 කට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධයෙන් පසු රටේ මාර්ග යටිතල පහසුකම් දැඩි ලෙස හානි වි ඇති බව සඳහන්. පසුගිය ඔක්තෝබර් මාසයේදී සිරියාවේ ආපදා කළමනාකරණ හා හදිසි ප්‍රතිචාර අමාත්‍ය රාඉද් අල්-සාලෙහ් ප්‍රකාශ කළේ, එම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් අවසානය දක්වා මාර්ග අනතුරු 2,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මාර්ග අනතුරු සිරියාවේ මරණ සඳහා ප්‍රධානතම හේතු අතරින් එකක් බවයි.