
ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ වේගයෙන් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට 220,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා. ප්‍රංශයේ බෝර්ඩෝ (Bordeaux) නගරය ආසන්නයෙන් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අද (25) අලුයම වන විට 60,000 කට ආසන්න ජනතාවක් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනු ලැබුවා. ඊට අමතරව, ප්‍රංශයේ ගිරොන්ඩ් (Gironde) සහ ලාන්ඩ්ස් (Landes) ප්‍රදේශවල ද ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා හමුදාවද යෙද විමට ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් (Madrid) නගරයට බටහිරින් වෙන වෙනම හටගත් ලැව්ගිනි තුනක් මේ වනවිට ඒකාබද්ධ වී දැවැන්ත ගින්නක් බවට පත් වි ඇති අතර, එය පාලනය කිරීම දුෂ්කරවී තිබෙනවා. ගිනි නිවන අංශවල ධාරිතාවද ඉක්මවා යමින් ගින්න පැතිර ගොස් ඇති බව ස්පාඤ්ඤ බලධාරීන් පවසනවා. මෙම තත්ත්වය හේතුවෙන් ස්පාඤ්ඤ රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, 25,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත. තවත් 40,000 කට ආසන්න පිරිසකට නිවාස තුළම රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්චෙස් අද (25) මැඩ්රිඩ්හි හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිතයි. ලැව්ගිනි තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර, බලධාරීන් ජනතාවට ආරක්ෂක උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා.