
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමට එරෙහිව සති ගණනාවක් පුරා පැවැති විරෝධතා ව්‍යාපාරයට විශාල ජයග්‍රහණයක් අත්කර දෙමින්, අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ තරුණ විරෝධතාකරුවෝ සිය අරගලය අවසන් කිරීමට එකඟ වී තිබේ.
විරෝධතා නායකයින් සහ මධ්‍යම රජයේ අමාත්‍යවරුන් අතර තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට පැය කිහිපයකට පෙර, නව දිල්ලියේ විරෝධතාකරුවන් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටියදී, ප්‍රධාන් සිය X ගිණුම ඔස්සේ සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.
"ජන්තර් මන්තර් (Jantar Mantar) හි සහ මුළු රට පුරාම ඇති වී තිබෙන තත්ත්වය සලකා බලමින්, රාජ්‍ය විරෝධී බලවේග මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන නොගැනීම සඳහා... මම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති වෙත යොමු කළා," යැයි අගනුවර ප්‍රධාන විරෝධතා භූමිය සඳහන් කරමින් ප්‍රධාන් සිය සටහනේ තබා තිබුණි.
"රටේ තරුණයින්ගේ අපේක්ෂාවන්, හැඟීම් සහ සාධාරණ බලාපොරොත්තු මම ඉතා තදින් අගය කරනවා." යනුවෙන් ද එහි විය.
පැය කිහිපයකට පසු, විරෝධතාවලට නායකත්වය දුන් 'කොක්රෝච් ජනතා පක්ෂ' (Cockroach Janta Party - CJP) ව්‍යාපාරයේ නායකයින් පැවසුවේ, රජය ඔවුන්ගේ සියලු ඉල්ලීම් "පිළිගත්" බැවින් තමන් විරෝධතා අවසන් කරන බවයි.
ප්‍රධාන් අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමට අමතරව මෙම ව්‍යාපාරයට තවත් ඉල්ලීම් තුනක් තිබුණි.
නැවත විභාගයට පෙනී සිටින ලෙස දැනුම් දීමෙන් පසු සියදිවි නසාගත් සියලුම සිසුන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් මිලියන 10 ක් ලබා දීම, විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයින්ට එරෙහිව කිසිදු දණ්ඩනීය ක්‍රියාමාර්ගයක් නොගැනීම ඒ අතර වේ.
ඒ අනුව රජය මෙම සියලු ඉල්ලීම් පිළිගෙන ඇත.