
යේමනයේ හූති පාලනය යටතේ පවතින හෝදයිදා (Hodeidah) නගරයට
සෞදි අරාබිය ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව හූති පාලනයේ පවතින
විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
හූති අනුබද්ධ අල් මසිරහ් රූපවාහිනිය (Al Masirah) වාර්තා කළේ,
ප්‍රහාරයෙන් විදුලි සංදේශ අධිකාරියට අයත් පහසුකම් සහ කමරාන් (Kamaran)
දූපත ඉලක්ක කර ඇති බවයි.
කමරාන් දූපතට එල්ල වූ ප්‍රහාරයෙන් එක් කාන්තාවක් තුවාල ලබා ඇති
බවද සඳහන්.
මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කළේ හෝදයිදා වරාය ආසන්නයෙන් විශාල
පිපිරීම් දක්නට ලැබුණු බව ඇසින් දුටුවන් ප්‍රකාශ කොට තිබෙනවා.
කෙසේ වෙතත් සෞදි ප්රමුඛ සන්ධානය වරාය ඉලක්ක කළ බව ප්‍රතික්ෂේප
කර තිබෙනවා.
හෝදයිදා වරාය, හූති පාලනය යටතේ පවතින උතුරු යේමනයට වාණිජ හා
මානුෂීය ආධාර ගෙන එන ප්‍රධාන දොරටුවක් ලෙස සැලකේ.
සෞදි නායකත්වයෙන් යුත් සන්ධානයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ටුර්කි
අල්-මාලිකි ප්‍රකාශ කළේ, රතු මුහුදේ නාවික ගමනාගමනයට එරෙහි හූති ප්‍රහාර
මෙම තත්ත්වයට හේතුව බවයි.
හූතිවරු සිය ප්‍රහාර දිගටම කරගෙන යන්නේ නම්, අවශ්‍ය සියලුම යුද ක්‍රියාමාර්ග
ප්‍රමාදයකින් තොරව ගන්නා බවද ඔහු අවධාරණය කළා.