71 වන ජාතික චිත්‍රපට සම්මාන ප්‍රධානෝත්සවයේදී, සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය පළමු ජාතික සම්මානයට හිමිකම් කියනු ලැබුවා.
ඒ, ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මුගේ අතින්.
ෂාරුක් මෙහිදී සම්මානයට පාත්‍ර වූයේ, 2023 වසරේ තිරගත වූ ‘ජවාන්’ හි ඔහුගේ රංගනය වෙනුවෙන්.
නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන්හිදී පැවති සම්මාන උළෙලේදී ෂාරුක් සේ ම රාණි මුකර්ජි ද ‘Mrs Chatterjee vs Norway’ චිත්‍රපටයේ ඇගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් සිය පළමු ජාතික සම්මානය (විශිෂ්ටතම නිළිය) දිනා ගත්තා.
මෙම සම්මාන සඳහා හිමිකම් කියන්නවුන් මීට ඉහතදී ප්‍රකාශයට පත්කරන ලද අතර, අද (23) ඔවුනට ජනාධිපති ද්‍රෞපදී මුර්මු අතින් සම්මාන ලබාදීම සිදුකෙරුණා.
'ජාතික චිත්‍රපට සම්මාන' ඉන්දියාවේ සිනමාව සඳහා පිදෙන වඩාත්ම ගෞරවනීය ත්‍යාගය ලෙස සලකනු ලැබේ.
ෂාරුක් ද මෙහි සම්මානලාභියෙක් වීම පිළිබඳව ගෞරි ඛාන් මෙයාකාරයෙන් අපූරු සුබපැතුමක් එක්කර තිබුණා.
''ගමන මොනතරම් අපූරුද. ජාතික සම්මානය දිනා ගැනීම ගැන සුභ පැතුම්. එය ඔබේ වසර ගණනාවක වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ සහ කැපවීමේ ප්‍රතිඵලයක්...''