Mister Global 2025 ජයග්‍රහණය කිරීමට, ස්පාඤ්ඤයේ ඇලෙජැන්ඩ්රෝ ඔර්ටෙගා (ALEJANDRO ORTEGA) සමත් වුණා.
ඒ, ඊයේ (ඔක්තෝබර් 5) පැවති අවසන් මහා තරගයේදීයි.
Mister Global 2025 සඳහා සත්කාරකත්වය දරන ලද්දේ තායිලන්තය වන අතර, අවසන් මහා තරගය තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වුණා.
ඊට රටවල් 36ක් නියෝජනය කරමින් තරගකරුවන් සහභාගී වූ අතර මෙවර Mister Global පළමු අනුශූරතාව වෙනිසියුලාවට ද, දෙවන අනුශූරතාව මෙක්සිකෝවට ද, තෙවන අනුශූරතාව එක්සත් ජනපදය විසින් ද හිමිකරගනු ලැබුවා.
ලංකාව නියෝජනය කළ ශෙනාල් ආදිත්‍යට හැකිව තිබුණේ, අවසන් තරගකරුවන් 20 දෙනා දක්වා පැමිණීමට පමණි.
ලොව කඩවසම් පිරිමි පෞරුෂයන් තෝරාගැනෙන Mister Global, 2014 දී ආරම්භ කරන ලද අතර මෙවර එය පැවැත්වූයේ එහි 11 වන සංස්කරණය ලෙසයි.