''Mrs World 2027'' තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ඊයේ (ඔක්තෝබර් 3) නිල වශයෙන් නිවේදනය කළා.
ඒ, කොළඹ Cinnamon Grand හි පැවති විශේෂ උත්සවයකදීයි.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සත්කාරකත්වය සපයන පළමු අවස්ථාව මෙය වන හෙයින්, එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇති.
වත්මන් Mrs Sri Lanka World ලෙස පසුගියදා කිරුළු පැළඳි 'සබීනා යූසෆ්' (Sabina Yousaf) ඉදිරියේදී පැවැත්වෙන Mrs World තරගාවලිය ජයග්‍රහණය කර Mrs World ලෙස කිරුළු පැළඳියහොත්,, ඇය 2027 දී ඇගේ මව් රට වන ශ්‍රී ලංකාවේදී ම නව ජයග්‍රාහිකාවගේ හිස කිරුළු පළඳවනු ඇති.
Mrs Sri Lanka World හි ජාතික අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ, ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසිනි.
ඔහුගේ සුවිශේෂී ජාත්‍යන්තර සබඳතා හමුවේ, මෙවර Mrs Sri Lanka World අවසන් මහා තරගය සඳහා ලොව වත්මන් විවාහක රූ රැජින 'Tshego Gaelae' මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම විශේෂය.
ඒ අනුව මෙවර Mrs Sri Lanka World අවසන් මහා වේදිකාව වත්මන් විවාහක රූ රැජිනගෙන් සේ ම එහි දෙවන තැන දිනූ ලාංකේය රූ රැජින ඉෂාදි අමන්දාගෙන් ද ආලෝකමත් විය.
Mrs Sri Lanka World හි ජාතික පුහුණුකරු වන්නේ, රුක්මාල් සේනානායකයි.
2027 වසරේදී මෙරට පැවැත්වීමට සැලසුම් කර ඇති 'Mrs World' යනු, ලොව පැරණිතම සහ ගෞරවනීය ම රූපලාවන්‍ය තරඟයයි.
එමෙන්ම එය විවාහකයින් සඳහා ජාත්‍යන්තරව තැනෙන ලොව විශාලතම වේදිකාව ද වේ.