ඉන්දීය සුපිරි තරු යුවළක් වන රශ්මිකා මන්දනා - විජේ දේවරකොන්ඩා (Rashmika Mandanna - Vijay Deverakonda) විවාහ ගිවිසගෙන.
ඔවුන් එළඹෙන 2026 වසරේ විවාහ වීමට නියමිත බවත් සඳහන්.
රශ්මිකා - විජේ දෙන්නගෙ ප්‍රේම සබඳතාව ගැන කටකතා පැතිරෙන්න ගන්නෙ 2018 වසරේ පටන්.
විවාහ ගිවිසගැනීමත් මුලදී හුදෙක් කටකතාවක් විතරක් ම වුණත්, විජේගේ පාර්ශ්වයෙන් හින්දුස්ථාන් ටයිම්ස් වෙත ගිවිසගැනීම ගැන තහවුරු කර තිබුණා. ඒ, යුවළ 2026 පෙබරවාරි මාසයේදී විවාහ වන බවත් සඳහන් කරමින්.
කොහොම නමුත් ගිවිසගැනීමේ ඡායාරූප එහෙම නම් තවම මාධ්‍යයට නිකුත් කරලා නෑ. ඒ වගේම රශ්මිකා හෝ විජේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳව කිසිදු සටහනක් බෙදාගෙන හෝ නිවේදනයක් නිකුත් කරලත් නෑ.
රශ්මිකා - විජේ ආදර කතාව ගැන කටකතා පැතිරෙන්න ගන්නෙ, 2018 වසරේ ජනප්‍රිය වූ 'Geetha Govindam' සහ 2019 'Dear Comrade' නිර්මාණ නිකුත් වීමත් එක්ක.
පසුව දෙන්නත් එක්ක බොහෝවිට එකට කාලය ගතකරන අයුරු ප්‍රසිද්ධියේම කතාබහට ලක්වුණත්, දෙන්නා ඊට නිල තහවුරු කිරීම් ලබාදීලා තිබුණෙ නෑ.
මෑතකදී ඔවුන් දෙදෙනාම එකට දැකගත හැකිවුණේ, නිව්යෝර්ක්හිදී පැවති 43 වන ඉන්දීය දින පෙළපාළියට එක්ව සිටියදී.
2024 වසරේදී ඔවුන් තවදුරටත් තනිකඩ නොවන බව තහවුරු කර තිබුණ නමුත්, සිය සහකරුවන් කවුරුන්ද යන්න නම් කිරීමෙන් වැළකී සිටියා.
ඒ වගේම මෑතකදී දෙන්නත් එක්ක එකම මෝටර් රථයකින් ගුවන් තොටුපළෙන් එකට පිටව යන අයුරු දැකගත හැකිව තිබුණා. ඉන් බොහෝ රසිකයින් අනුමාන කළේ, එය ඔවුන්ගේ සබඳතාව ගැන නිල තහවුරු කිරීමක් විය හැකි බව.