දකුණු ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ නෞකාවක් අනතුරට පත්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ලිබියාවේ සිට පැමිණි සරණාගතයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් දිවි ගලවා ගත් පිරිස 60 ක් වන බව සඳහන්.
ඒ අතර පිරිමින් 56 ක් සහ කාන්තාවන් හතර දෙනෙකු වන බවයි සඳහන් වන්නේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, අනතුරින් අතුරුදන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කෙරෙන බවයි.
මෙය, අප්‍රිකාවේ සිට යුරෝපයට මධ්‍යධරණී මුහුද තරණය කරන සරණාගතයින් සහ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් වාර්තා වූ නවතම ව්‍යසන තත්ත්වයයි.
ඉතාලියේ UNHCR ප්‍රකාශකයින්ට අනුව, මෙම වසර ආරම්භයේ සිට මධ්‍යම මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කරමින් සිටියදී පුද්ගලයින් 675 දෙනෙකු මිය ගොස් තිබේ.