මධ්‍යම මියන්මාරයේ පැවති බෞද්ධ උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් (paramotor attack) අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තවත් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
චෞන්ග් යූ (Chaung U) නම් නගරයට මෙම ප්‍රහාරය එල්ලව ඇති අතර එදින ජාතික නිවාඩු දිනයක් ද වූ බැවින් නගරයට 100ක පමණ පිරිසක් රැස්ව සිටි බවත් සඳහන්.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම පිරිස හමුදා ජුන්ටාවේ ප්‍රතිපත්තිවලට විරෝධය පාමින් ඉටිපන්දම් පූජාවක ද නිරතව සිට ඇති බවයි. එලෙස රැස්ව සිටි පිරිස අතරට බෝම්බ හෙළා ඇති බව සඳහන්.
2021 වසරේදී කුමන්ත්රණයකින් හමුදාව බලය අල්ලා ගත් දා සිට මියන්මාරය සිවිල් යුද්ධයක පවතී.
ගැටුමෙන් සිවිල් වැසියන් 5,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි එක්සත් ජාතීන් පෙන්වා දෙන්නේ.