ඔක්තෝබරයේ රිදී තිරයට එන නවතම සිනමා අත්දැකීමයි, ''ආයු''
''ආයු'' සිනමා පටයේ විශේෂ දර්ශනයක් පසුගියදා පැවැත්වුණා.
චිත්‍රපටය, 'ආලෝකෝ උදපාදි' අධ්‍යක්ෂණය කළ 'චත්‍ර වීරමන්ගේ' දෙවැනි සිනමා නිර්මාණයයි.
එමෙන්ම එය 'ජෙනරල් දයා රත්නායක' සහ 'යසස් රත්නායක' කුළුඳුල් සිනමා නිෂ්පාදනයයි.
ජගත් මනුවර්ණ, අශාන් ඩයස්, සැන්ඩ්‍රා මැක් ප්‍රධාන රංගනයෙන් එක්වන ආයු, ජගත් මනුවර්ණ මහජන නියෝජිතයෙක් ලෙස තේරීපත් වීමෙන් පසුව දිගහැරෙන පළමු සිනමාපටය වීම ද විශේෂය.
ප්‍රියන්ත සිරිකුමාර, මාලිනී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, නලින් ලුසේනා, සමනලී ෆොන්සේකා ඇතුලු තවත් නලු නිලියන් රැසක් ආයු තිරය හැඩකරන පිරිස අතර වේ.
චිත්‍රපටය ඔක්තෝබර් 02 වනදා සිට දිවයිනපුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතයි.
ආයු, මෙරට තිරගත වීමට පෙරාතුව ලෝ පුරා ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කරමින්, විදෙස් සම්මානයට පාත්‍ර වන්නට සමත් වූ සිනමාපටයකි.