
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ තඹ සහ කොබෝල්ට් පතලක පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කම්කරුවන් 32ක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
පතලේ තිබූ පාලම, බර දරා ගැනීමට නොහැකිව කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් වාර්තාවන්ට අනුව පතලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන්, කම්කරුවන් කලබලයට පත්ව තිබෙනවා. ඉන් ඇතිවූ තෙරපීම මත පාලම කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කොංගෝ ජනරජයේ පුද්ගලයින් ලක්ෂ පහළොවකට වැඩි පිරිසක් දැඩි අනාරක්ෂිත පතල්වල කම්කරුවන් ලෙස සේවය කරයි.