නෙට්ෆ්ලික්ස් හි කතා මාලාවක් වන ''Adolescence'' හි ප්රධාන චරිතයකින් රංගනයට පිවිසි 15 හැවිරිදි ඕවන් කූපර් (Owen Cooper), එමී සම්මාන (Emmy Awards) උළෙලේදී සම්මානයක් දිනා ගත් ළාබාලතම නළුවා බවට පත්වෙමින් ඉතිහාසගත වාර්තාවක් තබා තිබෙනවා.
'Adolescence' රූගත කරන විට ඔහුගේ වයස අවුරුදු 14කි.
එමී සම්මානයක් දිනූ ළාබාලතම සම්මානලාභිනිය වන්නේ, 1984 දී Something About Amelia සඳහා වයස අවුරුදු 14 දී සම්මානය දිනාගත් Roxana Zal වේ.
මෙවර එමී සම්මාන උළෙලේ, ''Adolescence'' පෙරමුණේ පසුවූ අතර එය හොඳම කෙටි කතා මාලාව (Best Limited Series) සඳහා වූ සම්මානය ඇතුළුව සම්මාන හයක් දිනා ගැනීමට සමත් වීම විශේෂය.