
වසර 12,000කට ආසන්න කාලයකට පසු සක්‍රීය වූ, ඉතියෝපියාවේ 'හේලි ගුබ්බි' ගිනි කන්දේ දුම් වළාවන් ඉන්දියාව ඇතුළු බොහෝ රටවලට ව්‍යාප්තව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, ගිනිකඳු අළු දුමාරය ඉතියෝපියාවේ සිට ඕමානය සහ යේමනය හරහා රතු මුහුද ඔස්සේ දිල්ලියට ළඟා වී ඇති බවයි.
මේ හේතුවෙන් ඉන්දියාවේ ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කර ඇති බව සඳහන්.
එමෙන්ම ඇතැම් ගුවන් ගමන් ප්‍රමාද කර ඇති අතර තවත් යානා නැවත හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.